ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ 2016 හිදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට හිමි කුසලතා සම්මානය දිනාගැනීමට 'අද' ජාතික පුවත්පතේ පැතුම් ශ්‍රී විජේරත්න සමත් විය.
ඊයේ (25දා) රාත්‍රී ගල්කිස්ස මහ හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවති ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ හිදී 'අද' ජාතික පුවත්පත මෙසේ ඇගයීමට ලක්විය.
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උලෙළ 1999 වසරේදී ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් ප්‍රථම වරට පවත්වන ලද අතර, මෙරට පැවැත්වෙන විශාලතම ජනමාධ්‍ය සම්මාන උලෙළ ලෙසද සැලකෙයි.
මුද්‍රිත මාධ්‍යයෙහි වෘත්තීය භාවයට පිළිගැනීමක් ලබාදීම සඳහා වාර්ෂිකව අංශ 14 ක් යටතේ විශිෂ්ටතා සම්මාන ප්රදානය කිරීම ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළෙහි අරමුණ වී තිබේ.