අද ලෝක ප්‍රජාව ලංකාවට කියන්නේ ඉන්දියන් සාගරයේ කුඩු රාජ්‍යය කියලා - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
බස්නාහිර හා දකුණු පළාත් සභා සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාව ඊයේ (21දා) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2 දී පැවති අතර, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
'"අද ලෝක ප්‍රජාව ලංකාවට කියන්නේ ඉන්දියන් සාගරයේ කුඩු රාජ්‍යය කියලා. මොකද අද ලංකාවේ සිට තමයි මැදපෙරදිගට අග්නිදිග ආසියාවට කුඩු බෙදාහරින්නේ.පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේදී කුඩු ජාවාරම්කරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත්තා, එය භාරව සිටි පොලිස් කොමසාරිස් යාදෙව් මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා අග්නිදිග ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානය, පංජාබය හරහා ලංකාවටත් එයින් අග්නිදිග ආසියාවට හා මැදපෙරදිගට කුඩු බෙදාහාරින ජාලයක් තිබෙන බව.මේ සඳහා ආණ්ඩුව මොකද කළේ ? කවුරැන් හෝ ලංකාවට යැව්වද ඒ පිළිබඳ සොයා බලන්න' යැයි ඔහු ප්‍රශ්න කළේය.
'පාරවල් හදල කොමිස් අරගත්තා මදිවට දැන් කුඩු බෙදා හැරලා කොමිස් අරගෙන ජීවත්වෙන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. මේ හදන්නේ අපේ අනාගත පරපුර විනාශ කරන්න. එනිසා අපි රාජපක්ෂ රෙජීමය මේ රටින් පන්නන්න ඕන' යැයි විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

