අතුරුදන්වූවන් රඳවා සිටින කිසිඳු රහස් කඳවුරක් වත්මන් රජයට නොමැති බවත්, කිසිඳු පිරිසක් එලෙස රඳවාගෙන නොමැති බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කළේය.
ජනාධිපතිවරයා මෙම අදහස් ප්රකාශ කළේ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක් ඊයේ (16දා) ජනාධිපති කාර්යාලයේදී පැවැති අවස්ථාවේදීය.
රජයේ සිර කඳවුරුවල ඇතැම් අතුරුදන්වූ පපිරිස් රඳවාගෙන සිටින බවට එල්ල වන චෝදනා පිළිඳබව ද අදහස් දක්වමින් ජනපතිවරයා මේ බව ප්රකාශ කළේය.
අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බව ද ජනාධිප වරයා මෙහිදී අවධාරණය කළේය.