උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදුවූ බව කියන පුද්ගල අතුරුදන්වීම් පිළිබඳව විමර්ශනය කරනු පිණිස පත් කර ඇති ජනාධිපති කොමිසමේ කාලය 2015 පෙබරවාරි මස 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
මැක්ස්වෙල් පරාක්‍රම පරණගම මහතා (සභාපති), සුරන්ජනා විද්‍යාරත්න මහත්මිය සහ මනෝ රාමනාදන් මහත්මිය යන අයගෙන් සමන්විත, 2013 අගෝස්තු මස පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවට අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කර සොයා බලා ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලය පවරා දී තිබේ.
මෙම වසරේ ජූලි මාසයේදී, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසමෙහි කාර්යභාරය තවදුරටත් පුළුල් කළ අතර කොමිසමට උපදෙස් ලබා දීම සඳහා ත්‍රිපුද්ගල උපදේශක සභාවක් ද පත් කරන ලදී.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ 2014 ජූලි මස 15 වනදා පල කරන ලද 1871/18 ගැසට් නිවේදනය අනුව කොමිසමේ පුළුල් කරන ලද විෂය පථයට අනුව, උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම් වාර්තාවේ 4.359 ඡේදය යටතේ දැක්වෙන කරුණු රැසක් සහ අදාල වෙනත් කරුණු පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සිදු කළ යුතු අතර මෙසේ විෂය පථය පුළුල් කරන ලද්දේ තවදුරටත් මෙම කරුණු විමර්ශනය කිරීමට අවශ්‍ය බව කොමිසමට අවබෝධ වූ බැවිණි. කීර්තිමත් ජාත්‍යන්තර විශේෂඥයන් තිදෙනෙකුගෙන් සමන්විත මෙම උපදේශක සභාවට, කොමිසමෙහි පුළුල් කරනලද විෂය පථයට උපදෙස් ලබාදීමේ කාර්යභාරය පවරා ඇති බව කියයි.