ලලිත් - කූගන් ඇතුළු යුද සමයේ සිදුවූ අතුරුදන්වීම් සම්බන්ධයෙන් වන සියලු කාරණා දරාගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ යැයි සම අයිතිය ව්‍යාපාරය පවසයි. ලලිත් - කූගන් අතුරුදන්වීමේ සිවුවැනි වර්ෂ පූර්ණය වෙනුවෙන් ඊයේ (10දා) සංවිධානය කරන ලද පා ගමන අවසානයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයන් හමුවී කරුණු දැක්වීමෙන් අනතුරුව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා මාධ්‍ය හමුවේ මේ බව පැවසීය.
ලලිත් - කූගන් සම්බන්ධයෙන් සන්ධාන ආණ්ඩු සමයේදී එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ ප්‍රකාශයට අදාළව නිකුත් කළ අධිකරණ වරෙන්තුවට අනුවඔහු අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය නොහැකි බව පවසමින් මුදලිගේ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
“අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් යුද සමයේ අතුරුදන්වීම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමක් සිදු කළා. ඒ සියල්ල අවසානයේ ඔවුන් කිව්වේ 88 - 89 සමයේදී දකුණෙත් එවැනි දේ සිදුවූ බවයි. ඒ නිසා උතුරේ වූ සිදුවීම් සියල්ල දරාගන්නා ලෙසයි ඔවුන් කීවේ. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්ගේ ස්ථාවරය කියන්නෙ ජනාධිපතිගෙ ස්ථාවරයයි. අතුරුදන්වීම් හා පැහැරගැනීම් පිළිබඳ ගැටලුව විසඳන්න ආණ්ඩුව අසමත් බවයි අපට පේන්නේ. පසුගිය ආණ්ඩු කාලයේ මර්දනය සිදු කළ, අතුරුදන්වීම් සිදුකළ සියල්ලන් රැකීම තමයි ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ* යැයිද රවින්ද්‍ර මුදලිගේ මහතා කියා සිටියේය.
ශිවන්ති ප්‍රනාන්දු / ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු