1990 - 2009 කාල පරිච්ඡේදය තුළ උතුරු හා නැගෙනහිර පළාත්වලින් අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි විභාග කිරීමේ ජනාධිපති කොමිසම අද (20දා) මඩකලපු දිස්ත්රික්කයේ දි සිය මහජන සාක්ෂි විමසීම අරඹා තිබේ.
කොමිසම විසින් ශ්රී ලංකාවේ නැගෙනහිර පළාතේ පවත්වනු ලබන ප්රථම සාක්ෂි කැඳවීම මෙයයි. ග්රාම නිලධාරී කොට්ඨාශ 56 ක් අවරණය කරමින් 2014 මාර්තු 20 සිට 22 දක්වා චෙන්කලඩි,වාකරෙහි හා මඩකලපු නගර වලදී මහජන සාක්ෂි විමසීම සිදු කෙරෙනු ඇති බව පැවසෙයි.