අතුරුදන් වූ අයට සහතිකයක්
ත්‍රස්තවාදී ක්‍රියා සහ ස්වාභාවික විපත් හේතුවෙන් (සුනාමි වැනි) අතුරුදන්ව සිටින පුද්ගලයන් වෙනුවෙන් 'දක්නට නොමැති' සහතිකයක් නිකුත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙලෙස නිකුත් කර සහතිකය පුද්ගලයෙකු මියගොස් ඇති බව සනාථ කළ නොහැකි සෑම අවස්ථාවකදීම මරණ සහතිකයක් ලෙස භාවිත කිරීමට හැකි අයුරින් එය නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
මේ අනුව මෙම සහතිකය අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට දෛනික කටයුතු සඳහා භාවිත කළහැකි අතර, මෙයට නීත්‍යනුකූල භාවයක් ලබාදීම සඳහා 2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධනයක් ගෙන ඒමටද නියමිතය.
මේ සඳහා කැබිනට් අනුමැතියද ලැබී තිබෙන අතර, දක්නට නොමැති සහතිකය නිකුත් කිරීමේදී අතුරුදන්වුවන් පිළිබඳ වන පැමිණිලි විමසීමේ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව මගින් නිර්දේශ නිකුත් කර තිබේ.
දක්නට නොමැති සහතිකය මගින් විශ්‍රාම වැටුප් සකස් කරගැනීමේ අවස්ථාවද හිමිවන බවද වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

