පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු යානය සොයා දකුණුදිග ඉන්දීය සාගරයේ සිදුවන මෙහෙයුම් දෙවැනි දිනටත් බලාපොරොත්තු සුන්වූ ආකාරයෙන් අවසන් විය.
රාත්‍රී කාලය උදාවීමත් සමග ගුවන් මෙහෙයුම් නතර කර ඇති අතර, හෙට තවත් යානා සහ නෞකා යොදා ගනිමින් මෙහෙයුම් ඇරඹීමට බලධාරීහු බලාපොරොත්තු වෙති.
MH370 යානය සෙවීමේ සෝදිසි මෙහෙයුම් සඳහා අද දිනයේ ගුවන් යානා පහක් යොදා ගැනුණි.
මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 දරණ මෙම යානය පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය 8 වැනිදා අතුරුදන් විය.
ඔස්ට්‍රේලියානු චන්ද්‍රිකා ඡායාරූපවල දකුණුදිග ඉන්දීය සාගරයේ පාවෙමින් තිබූ සුන්බුන් කිහිපයක් හේතුවෙන් එම කලාපයේ මේ ආකාරයෙන් සෝදිසි මෙහෙයුම් ආරම්භ වූයේ ඊයේ දිනයේදීය.