අතුරුදන්ව ඇති මැලේසියානු MH370 ගුවන්යානය සෙවීමේ මෙහෙයුම් කටයුතු සඳහා මෙරට ගුවන් සීමාව භාවිත කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මැලේසියාවට අවසර ලබා දී තිබේ.
මෙරට පිහිටි මැලේසියානු මහකොමසාරිස් කාර්යාලය කළ ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාව එම අවසරය ලබා දී ඇත.