තාවකාලිකව වසා දමා තිබූ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව යළි විවෘත කළ බව
අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කටයුතු අංශය පැවසීය.
පැවති අධික වර්ෂාව හේතුවෙන් මාලඹේ - අතුරුගිරිය මාර්ගය පෝරේ ප්රදේශයෙන් යටවීම හේතුවෙන් අතුරුගිරිය අන්තර් හුවමාරුව වසා දැමුණි. කෙසේ වෙතත් තාවකාලිකව වසා දැමුණු කඩුවෙල අන්තර් හුවමාරුව තවමත් විවෘත කර නොමැති අතර කොට්ටාව - කඩවත අතර රථවාහන ධාවනයේදී මුදල් අයකිරීමක් අද රාත්රී 10 දක්වාද සිදු නොවන බවත් එම අංශය ප්රකාශ කළේය.