අතුරු වෛද්‍ය සේවාවට අයත් ශ්‍රේණි හතකට ඇති වී තිබෙන ගැටලු 07කට විසඳුම් ලබාදීම දිනෙන් දිනම පමා කරන නිසා එම ගැටලු විසඳාගැනීමට පැය 48 ක වැඩ වර්ජනයක් දියත්කරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
සැප්තැම්බර් 02 වැනිදා උදේ 8.00 සිට පැය 48 ක් මෙම වැඩ වර්ජනය දියත් කිරීමට කටයුතු කරන බවත්, මානුෂීය හේතූන් මත රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම පිළිකායතනය, කාසල් වීදිය කාන්තා රෝහල, මධ්‍යම ලේ බැංකුව, මහමෝදර ළමා රෝහල හා පානදුර කේතුමතී කාන්තා රෝහල තුළ පළමු වතාවේ වැඩ වර්ජනය දියත් නොකරන බවද එම පෙරමුණේ සභාපති උපුල්