පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) ඉදිරිපත් කළ තම කතාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් විසින් සිදුකළ අදහස් දැක්වීම හේතුවෙන් කෝපයට පත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා සුදු කොළයක් ගුලිකර එම මන්ත්‍රීවරුන් වෙත එල්ල කළේය.
එම කොළ ගුලිය එම මන්ත්‍රීවරුන් දෙසට නොගොස් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මේසය මත පතිත විය.
ඔහුගේ කතාව තුළ විෂයයට අදාළව කිසිවක් කතා නොකළ බව හුවා දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝශප් මයිකල් පෙරේරා හා සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරු අතාවුද සෙනෙවිරත්න මහතාට එරෙහිව මෙසේ චෝදනා එල්ල කළහ.
මෙහිදී කථානායක චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ සියලු දෙනා සන්සුන්ව කටයුතු කළ යුතු බවයි.