අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මුදල් අමාත්‍යාංශයේදී අද (08දා) පැවැති මාධ්‍ය හමුවකදී මංගල සමරවීම මහතා මෙම බදු අඩු කිරිම ප්‍රකාශයට පත් කළේය. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම බදු අඩුවීම ක්‍රියාත්මක වෙයි.
අර්තාපල් හා ලොකු ලූණු කිලෝවක් සඳහා රුපියල් 39කින්
හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 10 කින්
පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 12 කින්
කරවල කිලොවක් සඳහා රුපියල් 50කින්
පොල් තෙල් හා එළවළු තෙල් සඳහා රුපියල් 25කින්
බදු අඩු කර ඇත. මේ සඳහා රජය මසකට රුපියල් බිලියන 1.5ක පිරිවැයක් දරණ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.