අත්‍යවශ්‍ය භාණ්ඩ 06කට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.
ඒ අනුව, මයිසූර් පරිප්පු කි.ග්රෑ. 01ක් සඳහා රු.190/- ක්ද,
අර්තාපල් කි.ග්රෑ. 01ක් සඳහා රු.145/- ක්ද,
බී ළුණු/ලොකු ළුණු කි.ග්රෑ. 01ක් සඳහා රු.155/- ක්ද,
සම්පූර්ණ සම රහිත කුකුල් මස් කි.ග්‍රෑම්. 01ක් සඳහා රු.480/- ක්ද,
පැකට් කළ තිරිඟු පිටි කි.ග්‍රෑම්. 01ක් සඳහා රු.95/- ක්ද,
වියළි මිරිස් කි.ග්රෑ. 01ක් සඳහා රු.355/- ක්ද වශයෙන් මෙම උපරිම සිල්ලර මිල සීමාව හඳුන්වා දී තිබේ.
මෙම උපරිම සිල්ලර මිල අද (18දා) හඳුන්වාදී ඇති අතර, එය නොවැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.