තමන් ඉගෙනගත් පාසලෙන් හැර වෙනත් පාසලකින්උසස්පෙළ විභාගයට පෙනී සිටි බවට චෝදනා එල්ලවීම නිසා අත්හිටුවා ඇති විභාග ප්‍රතිඵල එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
මෙම ශිෂ්‍යයන් කුමන දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වුවද ඔවුන්ගේ දක්ෂතාව මත විභාගයට ඉදිරිපත් වී තිබෙන බවත්, එහෙත් පිට දිස්ත්රික්කකින් විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට උත්සාහ දරා තිබෙනවා නම් එයට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බවත් එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
විභාග ප්‍රතිඵල අත්හිටුවිය හැක්කේ විභාග ශාලාවතුළ සිදුකරන වංචා පදනම් කරගෙන බවත්, එහෙත් මෙහිදී එවැනි දෙයක් සිදුවූ බවට වාර්තා නොවන බවද ඔහු කියා සිටියේය.
මේ නිසා ශිෂ්‍යයන්ට විභාග ප්‍රතිඵල නිකුත් කරන ලෙසටත්, විශ්ව විද්‍යාල ප්‍ර‘වේශය ලබාදීමේදී සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් එම සංගමය ඉල්ලා සිටියි.