මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව උද්ඝෝෂණය කළ සිසුන් අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඔවුන් වහාම නිදහස් කිරීමට කටයුතු කරන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (27දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සිසුන් අත්අඩංගුවට ගෙන සයිටම් ප්රශ්නය විසඳීමට නොහැකි බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී නැගීසිටි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ, අධිකරණ නියෝග නොතකා කටයුතු කරන ඕනෑම කෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා අත්අඩංගුවට ගත හැකි බවයි.
අද මහින්ද රාජපක්ෂ මහතා මෙම සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ සිසුන් අත්අඩංගුවට ගත්තා පමණක් නොව ජීවිතය පවා අහිමිකළ බවද ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව තුළ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් දැක්වීමකදී මෙම අදහස් ප්‍රකාශ විය.