දැනට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අත්අඩංගුවට පත් අලි ඇතුන් පිළිබඳ සියලු තීරණ ලබා දිය හැක්කේ අධිකරණයට සහ නීතිපතිවරයාට බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝග මගින් අත්අඩංගුවට පත් අලි ඇතුන් රැකබලා ගැනීම සිදු කරනු ලබයි. මෙම අලි ඇතුන් නැවත ලබාදීම හෝ තාවකාලිකව පෙරහර සඳහා ලබාදීමේ නියෝගය අධිකරණය විසින් ලබාදිය යුතු බවත්, අමාත්‍යාංශයට හෝ වෙනත් බලවේගයන්ගේ උවමනාවට අත්අඩංගුවට පත් අලි ඇතුන් නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදයක වෙයි.