ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට එහි අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මීට පැය 15කට පෙර ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ යහපාලනය මේ වන විට එහි උපරිමයේ පවතින බවත් අත්අඩංගුවට පත්වන්නේ කවුරුන්ද යන්න ගැන රජයේ අමාත්‍යවරුන් තීරණය කරන බවයි.
කෙසේ වෙතත් ජනතාවාදී ආණ්ඩුවක් වෙනුවෙන් තමන් ඇතුළු පිරිස කරන අරගල නිමා නොකරන බවත් ඔහු පවසයි.