අගුණකොලපැලැස්ස පොලිස් වසමේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසුව එල්ල කළ අත්බෝම්බ ප්රහාරයකින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.
ගැටුම ඇතිවීමෙන් පසුව එම ස්ථානයට අසළ සිටි පුද්ගලයින්ද එක්වීමෙන් පසුව මෙම අත්බෝම්බ ප්රහාරය එල්ල වී තිබේ.
ඊයේ (21දා) රාත්රියේ එල්ල වූ බෝම්බ ප්රහාරයෙන් තුවාල ලැබූවන්ගෙන් 14ක් ඇඹිලිපිටිය රෝහලටත් තවත් 3කු තංගල්ල රෝහලටත් ඇතුළු කර ඇත.