විනෝද හා අධ්‍යයන චාරිකාවකට පැමිණ හල්දුම්මුල්ල බඹරකන්ද ඉසව්වේ පිහිටි වංගෙඩි කන්දේ (වංගෙඩි ගලේ ) ඊයේ (27දා) සවස සිට අතරමංව සිටි කොළඹ පුද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් 9 දෙනෙක් හල්දුම්මුල්ල පොලිසිය හා දියතලාව යුධ හමුදා කදවුරේ යුධ හමුදා කණ්ඩායමක් විසින් අද (28දා) උදේ නිරුපද්‍රිතව බේරාගත් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය.
ඊයේ (27) සවස මෙම සිසුන් වංගෙඩි කන්ද තරණය කර ඒ ආසන්නයේ කූඩාරමක රැදි සිටියදි පැවැති සුළංවලට එහි වහල ගැලවී ගොස් ඇති බවත් වැස්ස හා තද ශිතල නිසාඑක් සිසුවෙක් අසනීප වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.