පොහොසත් ගොවි ජනතාවක් බිහිකිරීම ඉලක්කයයි
දේශීය වෙළෙඳපොළත් ජාත්‍යන්තර වෙළෙඳපොළත් ජයගත් අතමිට සරු පොහොසත් ගොවි ජනතාවක් බිහිකිරීම මූලික ඉලක්කය කරගනිමින් තමාට ජනාධිපතුමා සහ අගමැතිතුමා පැවරූ කාර්ය මෙරට සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් කිරීමට කැපවී සිටින බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාතලේ හා ඒ අවට ප්‍රදේශවල පෙරේදා(12දා)පැවති පිළිගැනීමේ උත්සවලට සහභාගීවෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
&මේ රටෙහි අද වන විට ඉතිහාසයේ තුළ වූ දැවැන්ත දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී තිබෙනවා.අපට වැඩ කරන්නයි ඕන.ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මූලිකත්වය දී කටයුතු කළ යුතුයි.අද ජාතික ආණ්ඩුවක් බිහිවෙලා තියනවා.ඇතැම් අය මේ පිළිබඳව කථා කරනවා.අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට කිසිම අවස්ථාවක අසාධාරණයක් සිදුවන්න ඉඩ තියෙන්නේ නැහැ.ඔවුන් රැකබලාගැනීම අපේ වගකීමක්.සියලු ජනතාවට පක්ෂ දේශාපාලයෙන් තොරව සැලකීම අපේ අරමුණයි.යහපාලනය තුළ මේ රටේ කිසිම අයෙකුට අසාධාරණයක් තියන්න අප ඉඩ තියන්නේ නැහැ.මා හට බාර වී තිබෙන අමාත්‍යාංශය මේ රටේ විශාල වැඩකොටසක් කරන්න පුළුවන් එකක්.අපි ඉදිරියේදී වැඩසටහන් සකස් කරලා ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා.මේ රට සහලින් ස්වයංපෝෂිත වූ රටක්. අපේ රට සෑම ආහාරයකින්ම ස්වයංපෝෂිත කිරීම අරමුණක් වී තියෙනවා.අපේ පංචවිධ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඒවා ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.ගොවීන්ගේ අස්වනු මිලට ගැනීමටපූර්ණ බලැති ජාතික කෘෂිකාර්මික අධිකාරියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවට අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.එහි යම් කාර්යභාරයක් අමාත්‍යවරයා ලෙස මා හට පැවරීතියෙනවා. එය වගකීමෙන් යුතුව ඉටු කිරීමට මා බලාපොරොත්තු වෙනවා.* විශාල පාක්ෂිකයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.*
රත්තොට - රුවන් ධනංජය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

