විදේශ රැකියා ක්ෂේත්රයට සම්බන්ධ රටවල් 18ක් සාමාජිකත්වය දරන අඩුබාඩි සංවාදයේ සිවුවැනි අමාත්‍ය උපදේශක රැස්වීම එම සංවාදයේ සභාපතිනී අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24දා) උදෑසන කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම සමුළුළු අමතමින් හෙතෙම පවසා සිටියේ, මෙරට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගය වී ඇත්තේ විදේශ රැකියා ක්ෂේත්රය බවයි.
ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් මුදල් උපයාගෙන නැවත මවු රටට පැමිණීමෙන් පසු ඔවුන් එම මුදල් පරිහරණය කරන ආකාරය පිළිබඳවත්, විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වලට සුභසාධනය සැලසීමටත් වත්මන් රජය ක්‍රියාමාර්ග රැගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, සාමාජික රටවල නියෝජිතයන්, ජාත්‍යන්තර කම්කරු සංගමයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ