අඩු ආදායම් ලාභීන්ට සූර්ය පැනල
සූර්යබල ගම්මාන පිහිටුවීමට සමගාමීව අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් සහනදායී ක්‍රමයක් යටතේ සූර්ය පැනල ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්රාප්තියට සමගාමීව ඇලහැර, බකමූණේදී, නෙට් ප්ලස් නමින් හැඳින්වෙන මේ සද්කාර්යය දියත් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (28දා) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී සූර්යබල ගම්මාන ස්ථාපිත කිරීම සම්බන්ධව පැවැති විශේෂ සාකච්ඡාවේදීය.
නෙට් ප්ලස් ක්‍රමය යටතේ සූර්ය විදුලිබල ඒකකයක් රුපියල් 4.50කට නිපදවන අතර, විදුලිබල මණ්ඩලය මිලදී ගැනීමේදී විදුලි ඒකකයක් පොදුවේ රුපියල් 22.00ක මුදලකට ලබාගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
”අපි සූර්යබල සංග්‍රාමය තුළින් ක්‍රමවේද 03 ක් හඳුන්වලා දුන්නා. ඒ තමයි නෙට් මීටරින්, නෙට් එකවුන්ටින් සහ නෙට් ප්ලස් යන ක්‍රම. මේ නෙට් ප්ලස් ක්‍රමය අපි හඳුන්වලා දුන්නේ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන්මයි. මෙහි විශේෂත්වය තමයි අඩු ආදායම්ලාභියාට අඩු මිලකට විදුලිය ලබාදීම. ජනාධිපතිතුමා මේ වර්ෂය වෙන් කරලා තිබෙන්නේ දුප්පත්කම පිටුදැකීමේ වර්ෂය ලෙසයි. ඒ නිසා අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලක් යටතේ සූර්ය කෝෂ ලබාදීලා, ඔවුන්ගේ විදුලි බිල ඒ තුළින් ආවරණය කරදීලා, අමතර ආදායමකුත් ලබාගන්නා ක්‍රමයක් අපි දියත් කරන්න සූදානම්, ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්ති සමරුවත් සමගින් ඇලහැර, බකමූණේදී, නෙට් ප්ලස් නමින් හැඳින්වෙන මේ සද්කාර්යය දියත් කරන්න අපි සැලසුම් සකස් කරනවා” යැයිද සියඹලාපිටිය මහතා පැවසීය.
(72).jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

