අටපිරිකර සහ භික්ෂුන් වහන්සේට පූජා කෙරෙන සෙසු පිරිකර ප්රමිතිගත කිරීමේ අපේක්ෂාවෙන් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ. මෙම එක් ගැසට් නිවේදනයක් මගින් අටපිරිකර, සිවුරු, පාත්ර හා භික්ෂුන් වහන්සේගේ බඳ පටි නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව අවධාරණය කර තිබෙන අතර එලෙස ලියාපදිංචි වීමේදී නිකුත් කෙරෙන සහතිකය අදාළ ව්යාපාරික ස්ථානයේ හොඳින් පෙනෙන් පරිදි ප්රදර්ශනය කළ යුතු බවත් සදහන්කර තිබේ.
අදාළ විධිවිධාන ලබන නොවැම්බර් මස පළමුවැනිදා සිට බලාත්මක වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.