ආණ්ඩු පක්ෂයේ කටයුතු කළද අඟේ ඉඳන් කණ කන පුද්ගලයන් ආණ්ඩුවේ සිටින බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ, ආණමඩුවේ උත්සවයකට සහභාගි වෙමිනි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දුර්වල බවට ඇතැමුන් චෝදනා කරන අතර, එය දුර්වලකම නොව ආණ්ඩුවේ මනුෂ්‍යත්වය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, සිහින ආණ්ඩුවක ඇමතිකම් ගැනීමට සිහින දකින පුද්ගලයන්ද සිටින බවත්, එම සිහින කිසිදාක සැබෑ නොවන සිහින බව ඔවුන් නොදන්නා බවත් පවසා සිටියේය. "අඟේ ඉඳන් කණ කන අයත් මේ ආණ්ඩුවේ ඉන්නවා. ඩිලාන් පෙරේරා වැනි අමාත්‍යවරු කරන ප්‍රකාශවලින් ඒ බව පැහැදිලි වෙනවා. ආණ්ඩුවේ ඉඳන්ම ඒ අය ආණ්ඩුවට බනිනවා. මෙහෙම දේවලුත් පේන්න තිබෙනවා. ඒත් අපි කලබල වෙන්නෙ නැහැ. ඒ අයටත් නිදහසේ කටයුතු කරන්න පුළුවන්" යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.