හම්බන්තොට, අඟුණුකොළපැලැස්ස දිසා රෝහලේ වැඩබලන දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාගේ සේවය පසුගිය 14 වැනිදා සිට අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පැවසීය.
අඟුණුකොළපැලැස්ස දිසා රෝහලේ පුරප්පාඩුව පැවැති දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ධුරයේ වැඩ බැලීමේ කටයුතු කළ හෙතෙම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් ශාඛාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
අඟුණුකොළපැලැස්ස රෝහලට නව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයෙකු පත්ව පැමිණීමට විරෝධය දක්වා ඔහු පසුගිය 06 වැනිදා සිට රෝහල් පරිපාලනයට දැනුම්දීමකින් තොරව සේවයට වාර්තා කර නොමැති බවත්, ඒ අනුව එම වෛද්‍යවරයා සේවය අතහැර ගියා සේ සලකා සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය.
සූරියවැව - නුවන් ජයසේකර