අග්රාමාත්යවරයාගේ මහජන සම්බන්ධතා කටයුතු තවදුරටත් විධිමත් කිරීම සඳහා හෙට (20දා) සිට නව මහජන සම්බන්ධතා අංශයක් ස්ථාපිත කර තිබේ.
අරලියගහ මන්දිරය අසල ආර්.ඒ. ද මෙල් මාවතේ අංක 101 දරණ ස්ථානයේ මෙම මහජන සම්බන්ධතා කාර්යාලය ආරම්භ වේ. අග්රාමාත්ය කාර්යාලය වෙත ලැබෙන මහජන දුක්ගැනවිලි ඉල්ලීම් යෝජනා පිළිබඳව කඩිනමින් කටයුතු කිරීම සඳහා මෙම ස්ථානයේ මෙම ඒකකය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
ආසන්න වශයෙන් එක් මාසයකට අග්රාමාත්ය මහජන සම්බන්ධතා ඒකකයට පැමිණිලි 8000කට වැඩි ප්රමාණයක් ලැබෙන බවද අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරයි.