අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට බාර දී තිබෙන විශ්වාසභංග යෝජනාව ඉවත් කරගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයන්ට යළිත් වතාවක් උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09දා) පැවැති එක්සත් ජනතා නිහස් සන්ධාන පක්ෂ නායක හා නියෝජිත රැස්වීමේදී අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ඉවත්කර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ.
එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පිරිසක් ජනාධිපතිවරයා ලබාදුන් උපදේශයට විරෝධය දක්වා ඇති අතර ඔවුන් මෙහිදී අවධාරණය කර ඇත්තේ කෙසේවත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර නොගන්නා බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට තුළ ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට මීට පෙර දී කරුණු වාර්තා කර තිබිණි.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පෙරේදා (08දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දීරිඝ ලෙස කරුණු පැහදිලි කර තිබෙන අතර, මේ නිසා විශ්වාසභංග යෝජනාව හරහා ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම අර්බුදයට ලක්විය හැකි බවටද එහිදී අගමැතිවරයා පෙන්වා දී තිබේ.