අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සකසා අවසන් බවත්, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර, අගමැති තනතුර පුරප්පාඩු වූ විට අමාත්‍ය මණ්ඩලයද විසිරී යන බවත් ඔහු පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, “චෝදනා 14කින් මෙම විශ්වාස භංගය සමන්විතයි. මෙම විශ්වාස භංගයට සහය දෙන ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පාර්ශ්ව තුනේම ප්‍රධානීන් එයට එකඟතාවය පළකර තියෙනවා. අපි විශ්වාස කරන එහි අඩංගු කරුණු අනුව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය රටේ පැත්තෙන් හිතලා ඉදිරිපත් කරන මේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදේවි කියලා.
අපි මුලින්ම බලාපොරොත්තු වුණේ තුන් පාර්ශ්වයෙන් අත්සන් එකතු කරලා මේ විශ්වාසභංගය භාරදෙන්නයි. නමුත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් සහ එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් ප්‍රකාශ කෙරෙනවා ඒ අය මේ අවස්ථාවේ මෙයට අත්සන් තබලා තමන්ව හෙළි කිරීම හරහා අගමැතිතුමා වෙනත් විශ්වාස භංගවලදී කටයුතු කළ ආකාරයට මෙය පාර්ලිමේන්තුවේ විවාද කිරීමට යම් කාලයක් ලබාගෙන ඒ කාලය තුළදී අත්සන් කළ මන්ත්‍රීවරුන්ට යම් බලපෑමක් කිරීමේ අවදානමක් තිබෙන බවට
ඒ නිසා අපි ඊයේ තීරණය කළා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ අපත් එක්ක වෙනත් දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන් එක් වෙනවා නම් ඔවුන්ගේද අත්සන් ලබාගෙන විශ්වාසභංග යෝජනාව භාර දීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාව විවාද කර අවසානයේ ඡන්දය විමසීමේදී මේ සඳහා එකතුකර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ ඔවුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට එරෙහිව අනිසි බලපෑම් එල්ල වීම වළක්වා ගැනීම සඳහායි” යනුවෙන් ප්‍රකාශ කළේය.