ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා හෙට (13 දා) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට හැත්තෑ වසරක් පිරීම ද මේ සංචාරයේ එක් නිමිත්තකි.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු අමාත්‍යවරුන් සමග මෙල්බර්න් සහ කැන්බරා නගරයන්හි දී පැවැත්වෙන ද්විපාර්ශවික සාකච්ඡා ගණනාවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගි වීමට නියමිතය.
ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සබඳතා තව තවත් තහවුරු කෙරෙන ගිවිසුම් කීපයකට ද මෙහිදී අත්සන් කිරීමට නියමිතය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වෙති.