අග්රාමාත්යවරයාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් දෙරට අතර හොඳහිත හා මිත්රත්වය ප්රකට කරලීමේ සංකේතයක් ලෙස මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු මානුෂීය හේතූන් මත නිදහස් කිරීමට ශ්රී ලංකා රජය තීරණය කර ඇත.
පසුගිය සතියේ මෙම තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනුණු අතර, මේ ධීවරයන්ගේ පවුල් පසුබිම හා ඔවුන්ගේ කීපදෙනෙකු පෙළෙන රෝගාබාධ සැලකිල්ලට ගෙන ඔවුන්ට විශේෂ සහන සලසන මෙන් රාමේෂ්වරම් යාන්ත්රික ධීවර කටයුතු වෘත්තීය සමිතිය විසින් ඉල්ලීමක්ද කර තිබිණි.
ඉන්දික හේවාවිතාරණ