කොළඹ කොටස් වෙළෙඳ පොළ මගින් සංවිධානය කරන ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ සමුළුව සඳහා සහභාගි වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01දා) සිංගප්පූරුව බලා යෑමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා අනිද්දා (02දා) සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයන් රැසක් සහභාගි වීමට නියමිතය.
මෙම සමුළු මීට පෙර එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල සංවිධානය කර තිබිණි.
2018 වසරේ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබීමත් සමග දෙරටේ ආර්ථික හා වෙළෙඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, ඒ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල් වනු ඇත.
සිංගප්පූරු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන්, ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම සමුළුවට එක්වීමට නියමිතය.