රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවල වෘත්තීය සමිති 150 ක් අනිද්දා (15දා) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන වැඩවර්ජනය සම්බන්ධයෙන් අද (13දා) දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වර්ජනය ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති සමග සාකච්ඡාවක් පැවැතවීමට නියමිතය.
ඊයේ (12දා) පැවැති සාකච්ඡා අසාර්ථකවීම නිසා ප්‍රවාහන ක්ෂේත්රයේ පිරිස් හෙට (14දා) මධ්‍යම රාත්‍රියේ සිටත් සෞඛ්‍ය අධ්‍යාපන, තැපැල්, බැංකු ඇතුළු සේවා අනිද්දා උදේ 7.00 සිටත් පැය 24 ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.