රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින්ට වරප්‍රසාද ලබානොදී මෙතෙක් සේවකයින් භුක්ති විදි අයිතිවාසිකම් කප්පාදු කිරිමට එරෙහිව 15 වැනි දින පැවැත්වෙන වැඩවර්ජනය යොදාගත් පරිදිම සිදුකරණ බව රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය සමති එකමුතුව සඳහන් කරයි.
ඇතිවී තිබෙන ගැටලු සම්බන්ධයෙන් අද (13දා) දිනයේදී පැවැති සාකච්ඡාවක් අසාර්ථක වූ බවත්, මේ නිසා අනිද්දා (15දා) උදේ 8.00 සිට පැය 24 ක වැඩවර්ජනයක් අධ්‍යාපන, සෞඛ්‍ය, තැපැල්, ප්‍රවාහන ඇතුළු සේවා 150 ක් තුළ සිදුකරණ බවද එම සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්රනිය මහතා සඳහන් කළේය.