ව්‍යවස්ථාව අනුව තමන් අගමැති ලෙස තවදුරටත් කටයුතු කරන බවත් අනාගත නායකත්ව කණ්ඩායමක් ගොඩනැංවීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් ඔහු පැවැසීය. අරලිය ගහ මන්දිරයේදී මාධ්‍යවෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනවාරි 8 ලබාදුන් ජනවරම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජනතාව මැතිවරණයෙන් දුන් ප්‍රතිඵලය පිළිගන්නා බවත් තමන්ට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සම්බන්ධතාවයක් නොමැති බවත් ඔහු පැවැසීය.