මතභේදාත්මක බැඳුම්කර කොමිසම පිළිබඳව ප්රකාශය ලබාදීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (20දා) කොමිසමේ දැනුම් දීමක් අනුව එයට පැමිණියේය.
පෙ.ව. 10.00 ට පමණ ඔහු කොමිසම හමුවට පැමිණියේය. නීතිපතිවරයා ඔහුගෙන් සාක්ෂි විමසීමට නියමිතව තිබුණි. අග්රාමාත්යවරයා දිවුරුම් ප්රකාශයක් මගින් ලබාදුන් කරුණු පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අග්රාමාත්යවරයාට කොමිසමෙන් කැඳවීමක් ලැබුණි.