ඉදිරි පාර්ලිමේන්තුවේ අගමැති තනතුර මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවට විපක්ෂයේ සුළු පිරිසක් සඳහන් කළත්, අගමැති තනතුර පිරිනැමීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා සතු බව විපක්ෂයේ පිරිස් දැනගත යුතු යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඊයේ (19දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයා කවුද යන්න ජනාධිපතිවරයා කල්පනා කර, ඔහුට අගමැති තනතුර පිරිනැමිය හැකි බවයි.
සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අගමැතිවරයා පත් කළ යුතු බවට සඳහන් කර තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතය මේ වනවිට රටට හෙළි කර තිබෙන බැවින් මන්ත්‍රී ආසන 120 ක්, 125 ක් හිමිවීමට තිබූ එක්සත් ජාතික පෙරමුණට තවත් මන්ත්‍රී ධූර විශාල ප්‍රමාණයක් වැඩිවන ආකාරයට ජනතාව ඒකරාශී වී තිබෙන බවද විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා සිය පාලන කාලය තුළදී රටට කිසිවක් සිදුනොකිරීම නිසා %අලුතින් පටන්ගමු^ යනුවෙන් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තිබෙන නමුත්, ඔවුන් අලුතින් පටන් ගන්නට යන්නේ අන්තරායකර මණ්ඩලය පවසන ආකාරයට පසුගිය පාර්ලිමේන්තුවට තුළ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවල නිරත වූ මන්ත්‍රීවරුන් පිරිසක් සමග එකතු වී බවද හෙතෙම පවසා සිටියේය.