ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම සිව් දින නිල සංචාරය ආරම්භ කරමින් අද (13දා) මෙල්බර්න් ගුවන් තොටුපොළින් ඔස්ට්‍රේලියාවට ළඟා විය.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙල්බර්න් ගුවන් තොටුපොලේ දී පිළිගනු ලැබූයේ වික්ටෝරියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් (Daniel Andrews) සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හට්චසන් (Bryce Hutchesson) යන මහත්වරු විසිනි.
එම අවස්ථාවට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා ඇතුලූ මහ කොමසාරිස් කාර්යාල නිලධාරීහු පිරිසක් ද සහභාගි වී සිටියහ. අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය හෙට (14) දින ආරම්භ වනු ඇත.