වව්නියාව දිස්ත්‍රික්කයේ අතිවූ සුළු වර්ෂාත් සමග හටගත් අකුණු සැරක් වැදීම හේතුවෙන් වව්නියාව නාමල්ගම විහාරයේ විහාරාධිපති හමියන් සහ තවත් අයෙකු මිය ගොස් ඇති බව වව්නියාව පොලීසිය කියයි.
දිගු කලකට පුසුව අද සවස 6.30ට පමණ එක් වරම වැහි බර කාලගුණයක් ඇති වූ අතර විනාඩි 10ක පමණ කාලයක් සුලූ වර්ෂාවක් හට ගත් අතර එහිදී එක් වරම දැඩි අකුණු හඩවල් කිහිපයක්ම ඇති වූ බවත් නාමල්ගම විහාරයේ විහාරාධිපති 65 හැවැරිදි පූජ්‍ය ගාල්ලේ සිරි නන්දරතන හිමියන් සහ එම ගම්මානයේ දායකයෙකු වූ 49 හැවිරිදි ආර්.එම්.පියතිස්ස යන අය නාමල්ගම විහාරයේ මිඳුලේ සිට ඇති ආවාසය තුළට පිවිසීමට සූදානම් වන අවස්ථවේදී මෙම අකුණුසැර වැදී ඇති බවට ප්‍රදේශවාසීහු පැවැසූහ.