මහින්ද රාජපක්ෂ මහතා සෑම මැතිවරණ වේදිකාවකම රටේ තිබෙන අඩුපාඩු කියමින් සිටින බවත්, මෙවැනි අඩුපා‘ඩු රට තුළ ඇති වී තිබෙන්නේ ඔහුගේ වසර දහයක පාලන කාලය තුළ රට සංවර්ධනය නොකිරීම නිසා බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩුපාඩු කියමින් මනාප එකතු කරගැනීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කරන බවත්, එහෙත් එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ පක්ෂය දිනවීමට බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
ඊයේ (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩුපාඩු සිදු වී තිබෙන්නේ ඔහුගේ පාලන කාලය තුළ රට සංවර්ධනය නොකළ නිසා බවයි. මේ නිසා ඒ පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා වන තමා සමග විවෘත සංවාදයකට පැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරන බවද ඔහු පවසා සිටියේය.
ඉදිරියේදී බිහිවන එක්සත් ජාතික පෙරමුණු අණ්ඩුව යටතේ රටේ සියලුම ගැටලුවලට විසඳුම් ලබාදෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.