රටපුරා අක්ෂි කාච ජාවාරමක් සිදුවන බවත් එම ජාවාරම ඉතා ඉක්මනින් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. කොළඹ පිහිටි ශ්‍රී ලංකා අක්ෂි බැංකුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ඔහු මේ අදහස් දැක්වීය.
ඉන්දියාවෙන් රුපියල් 6000 කට ආනයනය කරන අක්ෂි කාච දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන්නේ රුපියල් 25000කට බවත්, ඇතැම් සමාගම් ආනයනය කරන අක්ෂි කාච නිර්දේශ කරන වෛද්‍යවරුන්ට මුදල් ලබාදීමේ ජාවාරමක්ද ක්‍රියත්මක කරන බවද ඔහු මෙහිදී පැවසීය.