පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා මාස් කන්නයට අදාළව වී වගාකළ යුතු අක්කර හත්ලක්ෂ පනස්දහසක ප්‍රමාණ‘යෙන් අක්කර හාරලක්ෂ පනස්දහසකට අධික ප්‍රමාණයක වගාවන් ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කෙරෙන ජල මූලාශ්‍ර 73 ක් උපයෝගි කරගෙන මාස් කන්නයේදී වී වගා අක්කර ලක්ෂ හතහමාරකට අධික ප්‍රමාණයක් වගාකටයුතු සිදු කෙරේ.
එහෙත් ජල මූලාශ්‍රවලට අවශ්‍ය ජලය නොලැබීම නිසා තවමත් අක්කර ලක්ෂ හතර හමාරකට අධික ප්‍රමාණයක වගා කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇත.
සමස්තයක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පාලනය කරන ජල මූලාශ්‍ර 73 හි පොදුවේ පවතින්නේ 29% ක ජල ප්‍රතිශතයක් පමණක් බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල පාලක අංශයේ අධ්යක්ෂ වසන්ත පලුගස්වැව මහතා ‘අද’ කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම ජල මූලාශ්‍රවලින් පුත්තලම දිස්ත්‍රික්කයේ ජල මූලාශ්රවල ජල ප්‍රතිශතය පොදුවේ 7% - 8%ත් අතර ප්‍රමාණයක පවතින බවදහෙතෙම පවසා සිටියේය.
මඩකලපුව හා දැදුරුඔය ප්‍ර‘දේශ ආශ්‍රිතව පවතින ජල මූලාශ්රවල ජල මට්ටම පොදු 70%ක පවතින බවද ඔහු සඳහන් කළේය.
පවතින ක්‍රම‘වේදයට අනුව මේවනවිට අඩුම වශයෙන් ජල මූලාශ්රවල ජල මට්ටම 70% හෝ ඊට ආසන්න අගයක පැවතිය යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
තෙත් කලාපයට වර්ෂා තත්ත්වයක් ඇති වුවද වාරි මාර්ග දෙපාර්තමේන්තුව පාලනය කරන ජල මූලාශ්රපවතින ප්‍ර‘දේශවලට තද වැසි නොලැබෙන බවත්, මේ නිසා වගා කන්නය ආරම්භ වී තිබුණද තවමත් වගා කර තිබෙන්නේ අක්කර ලක්ෂ 03කට අධික ප්‍රමාණයක් පමණක් බවද අධ්යක්ෂවරයාසඳහන් කළේය.
ජල මූලාශ්රවල ජල මට්ටම අවශ්‍ය තරමට ඉහළගිය පසු ගොවිතැන් කටයුතු සඳහා ජලය නිකුත් කිරීම සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.