රට තුළ දැඩි කතාබහට ලක්වූ දිවුලපිටිය අකරගම පස් කැපීමට අදාළව ලබාදුන් බලපත්‍ර දෙකක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් අත්හිටුවා තිබේ. එසේම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළ බව පැවැසෙන භූ විද්‍යා හා පතල් කැණීම කාර්යාංශයේ ගම්පහ කාර්යාලයේ ඉංජිනේරුවරයා කලුතරට මාරු කර ඇත.
සිද්ධිය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය විසින් සකස් කළ වාර්තාව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්යක්ෂවරයාට ලබාදීමෙන් පසු මෙම තීරණ ගෙන තිබේ.
මෙසේ අවලංගු කර ඇති එක් බලපත්‍රයක හිමිකරු වන්නේ දිවුලපිටිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාගේ පියා බවද වාර්තා වෙයි.