ජනපතිවරණය නිසා ඉදිරි දින කිහිපය තුළදී අංක තහඩු නැති වාහන අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන බවත්, අදාළ වාහනයේ රියදුරාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව අද (07දා) සිට ඉදිරි දින කිහිපයේදී අංක තහඩු රහිත වාහන, ලියාපදිංචි අංක තහඩු නැති වාහන, ව්‍යාජ අංක තහඩු ඇති වාහන, අංක තහඩු අපහැදිලි වාහන ව්‍යාජ VIP, VVIP ලේබල් ඇති වාහන මෙසේ අත්අඩංගුවට ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව කියයි.