ඉලෙක්ට්‍රොනික දුම්වැටි හෙවත් e-cigarettes ගෘහස්ත ස්ථානයන්හි භාවිතය තහනම් කළ යුතු බවත්, ඒවා දරුවන්ට අලෙවි කිරීම වහාම නැවැත්විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ e-cigarettes භාවිතයෙන් දුම්බීමට ඇබ්බැහි වූවන් ඉන් මිදෙන බව පැවසීම මිත්‍යාවක් බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවයි. නමුත්, ඒවා භාවිතය දුම්බීමට ඇබ්බැහි කරවන්නක් බව එම නිවේදනයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
එමෙන්ම, e-cigarettes තරුණ පුරපුරට මෙන්ම, ගර්භිණී මවුවරුන්ගේ කුසෙහි සිටින දරුවාට අතිශය අහිතකර ප්‍රතිඵල ඇතිකරන්නක් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් පෙන්වා දෙයි.