'Dora' නමින් හඳුන්වන ටොෆි වර්ගය ආහාරයට ගැනීමෙන් පසු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙකු රෝගාතුර වීම නිසා එම ටොෆි වර්ගය වෙළෙඳ පොළ තුළින් ඉවත් කිරීමට මෙහෙයුමක් දියත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
මේ අනුව ඊයේ (09දා) දිනයේ කොළඹ ප්‍ර‘දේශයේ වෙළෙඳ සැල් දෙකක තිබී ටොෆි 6,000 ක් අධිකාරිය භාරයට ගත් බවද එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ප්‍රදිප් කළුතරගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව මෙම ටොෆි වර්ගය ආහාරයට ගැනීම තාවකාලිකව නතර කරන ලෙසට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවත්, මේ පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
අදාළ ටොෆි අධිකාරිය භාරයට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවත්, ඒවායේ සාම්පල් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත යොමුකළ බවත්, සාම්පල් ලැබීමෙන් පසු අදාළ පාර්ශ්වකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද අධිකාරිය සඳහන් කරයි.