මෙරට දන්සල්වලදී DCD සහිත අයිස්ක්‍රීම් ලබාදී ඇතැයි කාර්මික තාක්ෂණික ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණ වාර්තාව තමන්ට ලැබුණ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
DCD – Dicyandiamide නමැති විෂ රසායනිකය අඩංගු අයිස්ක්‍රීම් නිපදවන ලද්දේ කවර සමාගම්ද, ඒ සඳහා යොදාගන්නා ලද කිරි මිලදී ගත්තේ කුමන ආයතනයකින්ද සහ ඒවා අලෙවි කරන ලද වෙළෙඳ සැල් මොනවාද යන්න පිළිබඳව වාර්තාවක් සකස් කිරීමට නියමිතය.
එම වාර්තාව කාර්මික තාක්ෂණික ආයතනයද සමග එක්ව සකස් කරන ලෙස මහජන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතාට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස්දී ඇත.
මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුවේ හදිසි රැස්වීමක් හෙට (31දා) පැවැත්වීමට කටයුතු යොදා ඇත.