ආනයනික කිරිපිටිවල සහ අයිස් ක්‍රීම් වල DCD ඇද්දැයි සොයා බැලීමට කරන පරීක්ෂණ තාක්ෂණික ආයතනයේ සහාය ඇතිව අඛණ්ඩව සිදුකිරීමට සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා තීරණය කර තිබේ.
මේ අනුව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය මගින් ලබාගන්නා ලද අයිස්ක්‍රීම් සාම්පල 06 ක් මේ වනවිට පරීක්ෂණ කටයුතු සඳහා කාර්මික තාක්ෂණික ආයතනයට යොමුකර තිබේ.