රනිල් - මෛත්‍රී අත්සන් කළා යැයි කියන ගිවිසුමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සෞඛ්‍යය අමාත්‍ය තිස්ස අත්තනායකගෙන් ප්‍රශ්න කරනු ලැබීය.
මෙම ව්‍යාජ ගිවිසුම හා එහි සඳහන් අත්සන් තමන්ගේ නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාං පොලීසියේ පැමිණිල්ලක් කරනු ලැබීය.
මේ අතර ඒ හරහා තමන්ගේ කීර්තිනායමට සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් මිලියන 2500ක් වන්දි ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමුකළ එන්තරවාසියට තිස්ස අත්තනායක මහතා සිය නිතිඥවරයා මාර්ගයෙන් අද පිළිතුරු ලබාදුන්නේය.