බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රාජ්‍යයන් පහක එකමුතුවෙන් පිහිටුවා ඇති බ්‍රික්ස් (BRICS) සංගමය 'නව සංවර්ධන බැංකුව' (NDB) නමින් සිය බැංකුව අද (21දා) චීනයේ ෂැංහයි නුවරදී විවෘත කෙරිණි.
වර්තමාන ලෝක ආර්ථිකයේ පෙරළිකාර කලාපය නියෝජනය කරන මෙම බැංකුව මගින් ලොව දියුණු වෙමින් පවතින ආර්ථිකයන් සහිත රාජ්‍යන් වෙත ආර්ථික සහයෝගීතාව ලබාදෙනු ඇති බව පැවසෙයි.
නව සංවර්ධන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා ලෙස ඉන්දියාවේ හිටපු බැංකුකරුවෙකු වන කුන්දපුර් වාමන් කමාන්ත් පත්කර ඇත.
අද ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ජිවත් වන මෙම බ්‍රික්ස් රාජ්‍යයන් පහට අයත් භූමි ප්‍රමාණයද පෘථිවියේ සමස්තයෙන් හතරෙන් පංගුවකට අධිකය.
ගෙවීගිය දශකය තුළදී මෙම රටවල් පහ අතර සිදුකරනලද අපනයන පස්ගුණයකින් වර්ධනය වී ඇති අතර, එය සමස්ත ලෝකයේ සාමාන්‍යය සමග සැසඳීමේදී දෙගුණයකි.